ඇය නොබෙල් තෑග්ගක් දිනාගත් ප්‍රථම කාන්තාව වූවාය. තවමත් ත්‍යාගයන් දෙකක් දිනාගත් එකම කාන්තාව වනුයේ ඇයයි. එසේම ඇය ගැහැණු හෝ පිරිමි අතරින් විද්‍යාවන් දෙකකින් තෑගි දෙකක් දිනාගත් ප්‍රථම පුද්ගලයා ද වේ. ඇයගේ ජයග්රහණයන් සියල්ල වැඩියෙන් වැදගත් ඇයගේ අධ්‍යාපන නීති විරෝධී, පුද්ගලික හොර රහසේ සිද්ධ වූවක් බැවිනි. පෝලන්තයේ උපන් ප්‍රංශයේ පුරවැසිකම ලබාගත් මාරි කියුරි නම් විද්‍යාඥවරිය 1880 ගණන්වල දී වෝර්සෝව් හි “හොර රහසේ” පවත්වාගෙන ගිය විශ්ව විද්‍යාලයක ඉගෙනගත් බව දැනගනිද්දී, මට පුද්ගලික අත්දැකීමක් සිහියට නැඟුණි. 1986 දී කොමියුනිස්ට් පෝලන්තයේ ආණ්ඩු විරෝධීන් සමඟ එක්ව සිටිය දී එවැනි තැනක පංති යන සහ නීති විරෝධී උපාධි ලබාගන්නා ලද පුද්ගලයන් මට හමුවිණ. “අධ්‍යාපන ස්වාධීනත්වය” යැයි හඳුන්වත හැකි කතන්දර ඉතිහාසයක් පෝලන්ත වැසියන්ට ඇති බව එදා මම දැන සිටියේ ඇබිත්තකි.
අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් තරමකට භාවනාමය සම්බන්ධයක් තියෙන මනෝවිද්‍යාත්මක දේවල් කීපයක්. මගේ ජිවිතේ අසාර්ථකයි , මම දුප්පත් , මම අවාසනාවන්තයි කියල හිතෙනවනම්, දවසේ වැඩි වෙලාවක් සතුටින් නොඉද දුකෙන් තරහෙන් ඉන්නවනම්, ජිවිතේ ප්‍රශ්න වලින් පිරිලනම්, ජිවිතේ විදිනවට වඩා විඳවනවානම් මේ පොස්ට් එකේ තියෙන දේවල් කරලා බලන්න දවස් දෙක තුනකින්ම හරිම සතුටුදායක වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න ලැබෙනවා. මේ දේවල් භාවිත කිරීමෙන් ජිවිතේ සාර්ථකත්වය ඉක්මනින් ලගා කරගන්න පුළුවන්. අපේ ජිවිතේ අසාර්ථක වෙන්න ලොකුම හේතුවක් වෙන්නේ අපේ හිතේ අපි නොදැනුවත්ව තියෙන ඍණාත්මක සංකල්ප. මට බෑ, මට පින නෑ, මම ලිඳක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්, මටමයි කෙලවෙන්නේ, ඇයි මටම වෙන්නේ වගේ ඍණාත්මක සිතුවිලි නිසා අපි නොහිතන තරම් ලොකු බලපෑමක් අපිට සිද්දවෙනවා. අපි ඇතුලෙම තියෙන දේවල් වලින් අපිව අසාර්ථක වීම වලක්වාගෙන සාර්ථකත්වය ඇතිකරගන්න ගන්න විදියත් අපිට අවශ්‍ය ඕනිම දෙයක් ආකර්ෂණය කරගැනීමට අපේ සිතුවිලි තරංග වලට ඇති දිව්‍යමය බලයත් ගැනයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ම්වැටිය මදකට වින්දනීය උවත් (සමහරුනට) එය ඔබගේ දිවිය, සෞඛ්‍ය, පවුල, ආර්ථිකය යන සියල්ලම ටික ටික සොරා ගන්නවා. දුම් බීම සිරුරේ සෑම පද්ධතියකටම අනිසි ලෙස බලපානවා. එමගින් හදවත් රෝග, අංශභාගය, විවිධ පිළිකා, ලිංගික අප්රාණිකභාවය, මඳසරු බව, ක්ෂය රෝගය, හතිය, ඇදුම වැනි භයානක රෝග බොහොමයකට මග පාදනවා.
මනෝ ප්‍රතිකාරය, උපදේශනය, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි. අපි මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු. සන්නිවේදනය, එනම් කෙනෙකු තව කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීම හරහා සිදුවෙන ප්‍රතිකාර ක්‍රම ඇත. මෙසේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධාන ම ක්‍රමය කතා බහ වන අතර වෙනත් ක්‍රම වන්නේ ලිපි හෝ ඊමේල් හෝ කෙටි පණිවිඩ හුවමාරුව යි. එසේ ම කතා බහ බොහෝ විට මුහුණට මුහුණ කෙරෙන අතර දුරකතනය, වීඩියෝ දුරකතනය වැනි ක්‍රම ද අදාළ විය හැක. සන්නිවේදනය හරහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? මේ ගැන දැන ගැනීමට පෙර අප මනස වැඩ කරන හැටි මඳක් විමසා බලමු.
ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වතියගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ. තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා. එඩ්වර්ඩ් බාල කාලෙයේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම.
සිගිරිය කියල කියන්යන් අභිරහස්වලින් අඩුවක් නැති ය ායහෝම අපූරු විශ්්ිත නිර්මාණයක්. යේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණයස්කර කියන්යන් සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකායේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන යකයනක්. ඒ සේ න්ධව යපාත් ගණනාවකුත් රචනා කරල තියයනවා. ඒ මහත්මය තරුණ කායේ, ඒ කියන්යන් එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිේලා තියයනවා තව තරුණ කණ්ඩායමක් එක්ක වියශ්්ෂ ගයේෂණයකට. එහිදී එයාලා දවේට කන්න ගිහිේලා තියයනවා සිගිරිය යේන මායන් තියයන පුංචි කටු මැටි යගදරකට. ඔය යගදර ිදුයේ හිටියලු වයසක සීයා යකයනක්.
2600ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථාන්විතව සමරන බෞද්ධයන් වන අප විසින් අවබෝධ කර ගත යුතු තවත් වැදගත් සංසිද්ධියක් ලෙස මහින්දාගමනය හා බැඳුන ලක්දිව පුනරුදය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත්ය. පොසොන් සඳින් ලක්දිව ඒකාලෝක වී ලක්වාසීන් ගේ සිත් සතන් ධර්ම ඥනයෙන් සමෘද්ධිමත් කිරීමට අවැසි වටපිටාවක් මහින්දාගමනයෙන් උරුම වූ බව අතිශයෝක්තියක් නොවේ. මෙවන් පින් බිමක උපත ලැබීම ද අප ලද භාග්‍යයකි.
ප්ලමෙන්කෝ (FLAMENCO) කලාව යනු දකුණු ස්පාඤ්ඤයේ අන්දලුසියානුවන් හා ආදිවාසීන් එකමුතුව බිහිකරන ලද ගායන වාදන හා රංගන විලාසිතාවයි. ස්පාඤ්ඤයේ විශිෂ්ටතම ජන කලාව ලෙස සැලකෙන ප්ලමෙන්කෝ මේ වන විට යුනෙස්කෝ(UNESCO) ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී තිබේ.
මේ කියන මහාචාර්ය 'පින් වැන් ලෝමල්' හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ 'ද ලන්සෙට්' සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා. ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.
ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ක්‍රිකට් සහ තේ ඇරුනම (තේ වල ජනප්‍රියත්වය තියෙන්නේ ශ්‍රී ලංකාව කියන නමට වඩා "සිලෝන්" කියන නමින්.) ලෝකයේ ඒ තරම් ලංකාව ගැන සැළකිල්ලක් නැහැ. නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති උරුමයන්ගෙනුයි සෑහෙන තරම් ඉදිරියෙන් ඉන්නවා. දිගු ඉතිහාසයක්, පෞරාණික ඉදිකිරීම්, අලංකාර උත්සව, පිරිසිදු මුහුදු වෙරළ, සුන්දර දසුන් පිරි ප්‍රදේශ වගේම ඉතා ඉහළ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටක් ලංකාව. ඒ වගේම අපේ රටෙන් බිහි වුනු උගතුන්, ප්‍රාඥයන් සහ නායකයන් ලෝකය පුරා කීර්තියට ලක් වුණා. ඉන්දීය සාගරයේ තියෙන පුංචි රටක් විදිහට ලංකාවේ නම් ඉස්සරහින් ලියවිලා තියෙන වැඩිම, හොඳම, ලොකුම කියන දේවල් ටික ඇත්තටම සැලකිය යුතු තරම් විශාලයි. ලංකාව ඒ වගේ ලෝකය පුරා අවධානයට යොමු වුනු, එහෙමත් නැත්තන් ලෝක සිතියමේ ලංකාව කියල රටක් තියෙන බව ලෝකයට කියපු විශේෂ දේවල් 10ක් ගැන අපි ඔබට කරුණු කියන්න හිතුවා.
බෝධි පූජාව යනු සියලු බදනාටම බෙත ශාන්තිය උදාකරන උතුම්ම ආශිර්වාද පූජාවයි. එක් එක් ආගම්වල ජනෙමාජවල ආශිර්වාදය ෙඳහා විවිධ පුදපූජා හා ඇදහිලි දකින්නට ලැබේ. එම ශාන්තිකර්ම විවිධ බහේතු කාරණා මුල්කරබගන සිදුකරනු ල යි. බෝධි පූජාව සිදුකරන්බන් බුදුරජාණන් වහන්බෙේ උපදවාගත් ඥාණෙම්භාරය හා බුදුගුණ සිහිපත් කරබගනය. එබෙේම ඒ උතුම් ඥාණෙම්පත්තිය උපදවා ගැනීමට උපකාරීවූ ඇෙතු වෘක්ෂයට වන්දනා කිරීම හා පුද පූජා පැවැත්වීමද කරනු ල යි.
අත් දිග කමිසයකින් හා කලිසමකින් සැරසුණු හීන්දෑරි උස මහතෙක් දිනපතා ම ඉංගිරියේ සිට කොළඹට බසයෙන් එයි. ඇඳුමෙන් මතු නොව කතාබහෙන් හා පෙනුමෙන් ද හෙතෙම බටහිර පන්නයේ උගතකු සේ පෙනෙයි. ඔහු මෙසේ නිතිපතා ඉංගිරියේ සිට කොළඹ එන්නේ ඉංග්‍රිසි උගන්නන්නටය. ඉංග්‍රිසියට නමක් දිනූ කොළඹ මරදානේ ස්ටැෆඩ් තක්සලාවේ දිසාපාමොක් ඔහු ය.
අත් දිග කමිසයකින් හා කලිසමකින් සැරසුණු හීන්දෑරි උස මහතෙක් දිනපතා ම ඉංගිරියේ සිට කොළඹට බසයෙන් එයි. ඇඳුමෙන් මතු නොව කතාබහෙන් හා පෙනුමෙන් ද හෙතෙම බටහිර පන්නයේ උගතකු සේ පෙනෙයි. ඔහු මෙසේ නිතිපතා ඉංගිරියේ සිට කොළඹ එන්නේ ඉංග්‍රිසි උගන්නන්නටය. ඉංග්‍රිසියට නමක් දිනූ කොළඹ මරදානේ ස්ටැෆඩ් තක්සලාවේ දිසාපාමොක් ඔහු ය.
බ්‍රසීල ඉතිහාසයේ දැවැන්තම වංචා දූෂණ නඩුව ආරම්භ වූයේ දැනට වසර දෙකකට පෙරයි. රටේ ජනාධිපති ඩිල්මා රූසෙෆ් ද එහි පැටලැවී සිටී. මිලියන ගණනින් බ්‍රසීල වැසියන් මහ පාරට බැස ජනාධිපතිනිය ඩිල්මා රූසෙෆ් ද්යෝෂාභියෝගයට ලක්විය යුතු යැයි දක්වන උද්ඝෝෂණ මේ දිනවල බ්‍රසීලය පුරා පැතිර යමින් පවතී.
විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් අනුරාධපුර ඇතුළු නගරය සලකනු ලබයි. අනුරාධපුර පැරණි නගරයේ මධ්‍යගත පිහිටුමක් දක්වමින් පිහිටා ඇති ඇතුළු නගරය හෙක්ටයාර 100ක පමණ භූමියක ව්‍යාප්ත ව ඇත. අනුරාධපුර ඇතුළු නගරයේ උතුරු සීමාව අභයගිරි විහාර සංකීර්ණයෙන් ද දකුණු සීමාව මහාවිහාර සංකීර්ණයෙන් ද සීමා වී ඇත. ලංකාවේ පවතින පුරාවිද්‍යා භූමි අතුරින් ප්රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසිත යන සෑම අවධියක් ම නිරූපණය කරන සංස්කෘතික පාංශු ස්තරණයක් අනුරාධපුර ඇතුළු නගරයේ හඳුනාගත හැකි වේ. එ මෙන් ම මෙම ස්තරය තුළ මෙම සෑම කාලයක් හරහා ම ලංකාවේ මිනිසා සංස්කෘතික වශයෙන් අත්කරගත් විකාශය මෙන් ම සංක්‍රාන්තිය සටහන් වී තිබීම පුරාවිද්‍යා ක්ෂේත්රයක් වශයෙන් මෙහි ඇති වැදගත්කම තීව්ර කරයි.
පාසල් සමයේ එකට හුන් මිතුරෙකු සංඝයා වහන්සේලා සමීපයේ පිළිවෙත් පුරන්නට නික්මුණු පසු ඔහු සොයා එහි ගිය බිනර නවමල් බණ්ඩාර දැන් එහි යන්නේ මිතුරා බැලීමට පමණක් ම නො වේ. එහි ගිය පළමු දිනයේ ම බිනර සම්බුද්ධ ශාසනයක අසිරියත්, වත් පිළිවෙත් ඉටු කිරීමේ අගය ගැනත්, පැවිදි ජීවිතයේ සුව පහසුව ගැනත් උගත්තේ ය. දැන් ඔහු ඒ අසා දැනගත් දේවල් ස්වකීය ජීවිතය තුළ ම ප්‍රගුණ කරමින් සතුටු වන්නෙකි. ජීවිතය යහපත් කරවන කලණ මිතුරු ඇසුර සොයා ඔහු ගිය ඒ සුන්දර ගමන ගැන කියැවෙන කසාවතෙහි තුන්වන දිගහැරුමයි මේ…
යම් තැනක් ගැන මතක් කර ගන්න කිව්වොත් මහා පාරට වැඩිය තැනක් අපි කාටවත් මතක් වෙන එකක් නෑ. තදබද වෙලාවක, නගරාසන්න පරිසරයක ගමනාගමනයේ යෙදෙන රියදුරෙක් නම් ඔබ, මගියෙක් නම් ඔබ, පදිකයෙක් නම් ඔබ… ට්‍රැෆික් වෙලාවක ඔබේ කයටත්, මනසටත් දැනෙන වෙහෙස, පීඩාව මොන තරම් ද කියන එක ඔබ හොඳට ම දන්නවා.
ඔබ කවදා හෝ දිනක මිනිසුන්ගෙන් ඈත්ව ඉතා නිහඬ නිස්කලංක සුන්දර වන පියසක හුදෙකලාවේ අසිරිය විඳලා තියනව ද? නිරාමිස සිතුවිලි හදේ ජනිත වන එවන් සොඳුරු හුදෙකලාවක නිරාමිස සැපයක් ස්පර්ශ කළ බවට සිහිනෙකින් හෝ මතක නැතිව ඇති. නමුත් මිනිස් ක්‍රියාකාරකම්වලින් පිරුණු, තොරතෝංචියක් නැතිව මනස උමතු වන තරමට උස්ව ඇසෙන මිනිස් හා යන්ත්‍ර හඬින් දෙසවන් පිරී යන සමාජයක ජීවිත ගෙවන ඔබට එවන් ශාන්ත බවින් පිරුණු නිහඬත්වයක උපදින නිරාමිස සැපයක් පිළිබඳ සිතීමෙන් පවා සිත්හි අමුතු ප්‍රීතියක් හටගන්නවා නේ ද? මිනිසුන් අතරේ ඇතැම් මිනිසුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පරිවර්තනය වූයේ නිහැඬියාව තුළ යි. මුළු ලෝකයට ම යහපත උදා කරන උතුම් සංකල්පනාවන් මිනිසුන් තුළ බිහි වූයේ නිහඬ හුදෙකලාව තුළ යි.
ඇමෙරිකන් මනෝචිකිත්සක සංගමයේ (American Psychiatric Association) අළුත් (DSM-5 වැනි) සංශෝධන අත්පොතේ කටු සටහන පෙබරවාරි 10 වැනිදා අන්තර්ජාලයේ පළවිනි. එය සම්පූර්ණයෙන් නිමකර ඉදිරිපත් කරන්නෙ 2013 මැයි මාසයේ දී. මේ කටු සටහන ඒක නියමිත ආකාරයෙන් සංශෝධනය සඳහාය. මානසික රෝග සඳහා පිළියම් දෙන මනෝවිද්‍යාඥයින් හා මනෝචිකිත්සකයන් බොහොමයක් පරිහරණයට ගන්නේ මේ අත්පොතයි. එසේම නඩුහබ වල දී ද මානසික රෝග නිශ්චය වන්නේ එහි විස්තර අනුවය. රටේ පාලන ප්‍රතිපත්ති සැකැස්ම සඳහා ද එය භාවිතා කර ගැනේ. DSM-1 නිකුත් වූයේ 1952 දී.
නූතන යුගකට අකත් කිම කිිමඳිකන් අතර රසික සලෝකකා අතර කීර්තිසත් ස්ථානකක වැජසෙන කිිමඳිකක සලස කමුනා සාලනී සපසර්රා සැලසකයි. ඇක අධිෂ්ඨාන, ශිල්ප සත් වැනි දවස ද්වමු. ණකට ගත් සා-ජක, කුලී සාළිගා, බගසගයි සැණසකළික, තිත්ත සකරන්දක, සතක සන්සේශක හයා තත්පර රාව කන නිර්සාණ පළ සකොට රාජය සාිතතය ස්මසාන ද දිනාගත් කිිමඳිකකි. ීතත ප්රබනන්යක, සකටිකතා හයා නවකතා වැනි නිර්සාණාත්සක සාිතතය වයාපාරකන්ිත ද ඇක ජනප්රික සි.. 1991 දී ඇක ිමසින් පළ කරන ලද "කුලී සාළිගා" න්ම පදය සග්රහයසකිත "සුරා සසොඬ සැමි වලප" න්ම පැදි සපළ අන්තර්ගත සවයි.
පොහොය හෝ පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. චන්ද්‍ර දින දර්ශනයපරියෝජනය කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි උද්දීප්තිය හේතුවෙන්, චන්ද්‍ර වංක සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ.
අන්තර්ජාල පහසුකම් ලොව පැතිර යාමත් සමඟ ව්‍යවසායකයාට පෑදුණු තවත් මහඟු අවස්ථාවක් නම් තමන් ගන්නා අවදානමට එකතු වන්නට කැමති පිරිසක් පහසුවෙන් සොයා ගන්නට ඉඩක් ලැබීමයි.
බොහෝ කාලයක්, සදාතනික යැයි ලෝකයක අතරමංව ජරා මරණ ගැන අවබෝධයෙන් තොරව සිටින දෙව් මිනිස් ප්‍රජාව එම උගුලෙන් ගලවා ගැනීමටයි අපගේ ශස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ.
තිසා වැව් කණ්ඩියට පහළින් නැගෙනහිර බිම් තිරුවෙහි ඉසුරු මුනි විහාරයට මායිම්ව පිහිටි ස්වභාවික පර්වත කීපය උපයෝගී කරගනිමින් අක්කර 40ක පමණ පටු භූමියෙහි ඉදිකරනු ලැබූ රාජකීය ජල උද්‍යානය වෙස්සගිරි පර්වත පංතියෙන් උතුරට වන්නට පිහිටා තිබේ. නෙළුම් පත්‍ර වලින් ගහණවූ පොකුණක දිය කෙළින ඇත් රූ සමූහයක් සහිත වූ කලාත්මක අතින් පිරිපුන් පල්ලව කලා ලක්ෂණ හා සම්මිශ්රනය වූ ස්වදේශීය නිර්මාණාත්මක කෞෂල්‍ය ඉස්මතු කෙරෙන කුඩා පොකුණු තුනකින් සමන්විත රන්මසු උයන , අනුරාධපුර යුගයේ නිර්මාණය කරනු ලැබූ උසස් වාස්තු ලක්ෂණ විදහාපාන ඉදිකිරීමක් ලෙස හදුන්වා දිය හැකි වේ.
තරුණ වියේදීම ප්‍රාණ පරිත්යාගීවූ කන්‍යාවක් ලෙස ශු.ඇග්නස් ශු.සභා මාතාව ඉතා උසස් ගෞරවයක් දක්වනීය. ඇය කුඩා කල සිටම දෙවියන් වහන්සේ කෙරෙහි ගැබුරු විශ්වාසයකින්ද යුත් පිරිසිදු ජීවිතයක් ගතකල බව කියවේ.
මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්ද යනු හොඳින් පෙන්වා දෙයි.
මීට වසර දෙදහස් හයසීයකට පෙර දඹදිව ගයාවේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳු සෙවණේ හිඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගුරුපදේශ රහිතව ම ලෝකයේ පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා.
පෘතුගාලයේ ලිස්බන් නගරයේ උසස් පවුලක උපත ලද "පර්ඩිනන් බුලියන්" එතුමාගේ ප්‍රථම නාමය විය. මොහු ඉතා ඥානවන්තවුද ලෞකික සැප සම්පතින් පිරිපුන් වුද කෙනෙක් විය.
ජලයෙන් වැසී කාලය තුල සැගව ගිය ගිලුණු නෞකාවක් හෝ පුරාස්ථානයක ආකර්ෂණීයභාවය හෝ අද්භූතභාවය එම ස්ථානය වෙත පහසුවෙන් ළගාවීමට ඇති නොහැකියාව මතද පැන නැගුනකි. ගැඹුරු මුහුදු පත්ලේ, නුපුරුදු පරිසරයක, කිමිදුම් උපකරණය පැළද පර්යේෂණ හා ගවේෂණ කටයුතු වල නිහැලෙන පුරාවිද්‍යාඥයින් සාමාන්‍ය ජනයාට ලගාවිය නොහැකි නොදන්නා මෙම පරිසරය ජය ගැනීමට උත්සාහ දරයි. මෙම දුරස්ථභාවය හා නුපුරුදුභාවය ජලාශ්‍රිත පුරාවිද්‍යාව වෙත ආකර්ෂනයක් ගෙන එන්නාසේම විටක එය කෙරෙහි අහිතකර බලපෑම්ද ඇති කරයි. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේදී ඇති ප්‍රධාන බාධකයක් වන්නේ නොදැනුවත්කම හා දුරස්ථභාවයයි. යම් දෙයක් ආරක්ෂා කිරීමට නම් ඒ පිළිබ`දව මනා දැනුවත්වීමක් අවශ්‍ය වේ. වර්තමාන ලෝක රටාව තුළ පැවැත්ම හා සංවර්ධනය සදහා මිනිසා මුහුදු පත්ල සමග නිරන්තරයෙන් ගැටේ. එම ගමනේ සමහර අවස්ථාවලදී ඔහු නොදන්නා දේ කෙරෙහි අවධානය යොමු නොකරයි. එය අමතක කර දමයි.
අපි රස්සාවල් මෙතරම් ප්‍රමාණයක් නිර්මාණය කරනවා යැයි ආණ්ඩුවේ බලය අල්ලාගන්නට තැත් කරන අය චන්දය කාලයේ දී පොරොන්දු වෙති. අර්ථ ශාස්ත්‍රය ගැන දැනුමක් බහුතරයට නැති බැවින් රටක ජනතාවෙන් වැඩි පිරිසක් වැඩියෙන් රස්සාවල් නිර්මාණයට පොරොන්දු වෙන පිලට චන්දය දෙන්නට කැමති වෙති. රටවැසියන් සියල්ලන්ම පාහේ අර්ථ ශාස්ත්‍රය හැදෑරිය යුතු යැයි මෙහි දී කිසිවෙක් අදහස් කරන්නේ නැත. එහෙත් ධනවාදය හා සමාජවාදය ගැන ප්‍රසිද්ධියේ කතාබහ කරන්නට අයෙක් ඉදිරිපත් වෙන්නේ නම් එවැන්නෙක් අර්ථ ශාස්ත්‍රය නොදන්නේ නම් ඔහු හා විවාදයට යෑම නිශ්ඵල වූ වෑයමකි. ධනවාදය සහ සමාජවාදය අතර මහා වෙනස පැහැදිලිවම දකින්නට ලැබෙන්නේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් වර්ධනයෙන් පමණකි.
නොදන්නා දෙයක් හොයන්නට දන්නා කෙනෙක් සොයා ගිය එහෙමත් නැත්නම් පුස්තකාලයක් වෙත ගිය කාලය අවසන් වී, ඒ සඳහා අතැති මොබයිල් දුරකතනයෙන් ගූගල් සහාය පැතීම සිරිතක් බවට දැන් පත් වී ඇත. එහෙත් ගූගල් වලින් සහාය ගන්නට නම් අන්තර්ජාලයට සම්බන්ධවීමට හැකියාව තිබිය යුතුයි.
ගාල්ල කොටූ පවූර හා අනෙකුත් ගොඩනැඟිලි සංරකෂණ ක්‍රියාවලින් සඳහා ලාංකිකයන්ටත් වඩා වෙනත් ජාතීන් කිහිප පලකගේ අවධානය වැඩි වශයෙන් යොමූ වී ඇත. ගාලු කොටූ පවූර ලෝක උරුම බිම් කඩක් වී හමාරය. එම නිසා එහි වටිනාකම හා තත්ත්වයත් වඩාත් අවබෝධ කර ගත හැකි වේ. පෘතුගීසීන්, ලන්දේසීන් පමණක් නොව ඉංග්‍රීසීන්ගේ ද පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින් ලාංකිකයන් පාලනය කළ ඒ අරුම පූදුම ස්ථානය දැනට ලාංකිකයන් අතට පත්ව ඇත. එහෙත් එහි සංරකෂණ කටයූතු සඳහා සෘජූව දායකත්වය දරා ඇත්තේ, විදේශීය රටවල් මගිනි. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් ද පවතියි. විදේශීය, විශේෂයෙන් ම ඕලන්ද ජාතිකයන් විසින් නිර්මාණය කළ ගාලු කොටූව එම කාලයේ ඔවූනට සතුව පැවතීමයි. එය දැනට සියවස් කිහිපයකට ඉහතදී සිදු වූ සිද්ධි දාමයක ප්‍රතිඵලයක් වේ.
පිප්ඵලී ගුහාව අවට නිහඬ ය… නිසසල ය… මුනිවරුන්තේ සමවතින් වන අරණ ද දැහැන්ගත වී ඇති තසයකි. තෙතලස් ෙහටින් මිදී ගේ සිේ ඇති වුව ද ොයිෙ පීඩාවන්තගන් යුතු ව ත ොතහෝ ගිලන් වූ බුද්ධ පුත රයාණන් වහන්තස නම් ගුහාත වැඩ වාසය තෙතරති. ප් රිය දප්දවන්නා වූ තේ්ස්වී තප්මකමකින් යුතු නි් තේෂී මුනිවරයාණන් වහන්තස තේ ොයිෙ දු් ඛ පීඩා මහා ෙරුණා තනතෙට සම්මුඛ වී ඇත.
සෝම හිමි කුඩා කල පටන් ශාසනයට ලැදිව සිටි කෙනකු වූවද වයස 19 වැනි තරුණ වියේදී පැවිදි බිමට ඇතුළත් විය. නමූත් පැවිදි වීමට පෙර සිටම උන්වහන්සේ බම්බලපිටියේ වජිරාරාමය හා මහරගම ධර්මායතනය ආශ්රයෙන් තම ධර්ම ඥානය වර්ධනය කර ගත්හ.
මෙරට රාජවංශ වංශයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798 - 1815) මහරජතුමා බව අප කවුරුත් දන්නා කරුණකි. උඩරට වාස්තු විද්‍යාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ සෙංකඩගලපුර දළදා මාළිගාවේ පත්තිරිප්පුව ද, එහි ඉදිරිපසින් වූ දර්ශනීය වලාකුළු (වාරැලි බැම්ම) බැම්ම මෙන්ම, ක්‍රි.ව 1807 දී දළදා මාලිගාව ඉදිරියෙන් ඇති වැව, කිරි සයුර හෙවත් කිරිමුහුද ද, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද්දේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මතය. ඒ බවත් බොහෝදෙනෙක් දනිති. එහෙත් කිරි මුහුද යට කතා බොහොමයක්ම ශෝකයෙන් පිරී පවතී. ඒ බව නම් බොහෝදෙනෙකු දන්නේ නැත. මෙවර කන්ද උඩරට අප්‍රකට කතාවට තේමාව සොයා ගන්නේ කිරි මුහුදෙනි.
මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප්‍රධානම ස්ථානයකි. මානව සංහතියට පමණක් නොව සමස්ත ජෛව පද්ධතියේම පැවැත්ම රඳා පැවත ඇත්තේ ජල සම්පත කේන්ද්‍ර කරගෙන වේ. මානව පරිණාමයත් සමඟ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ මිනිසා මෙම ජල සම්පතෙහි අගය නිසිලෙස වටහා ගන්නට සමත් වූයේය. එතැන් සිට ඔහු මෙම ජල සම්පත කළමනාකරණය කිරීමෙහි ශිල්පිය ක්‍රම අත්හදා බලන්නට පටන් ගත්තේය. ඒ සමඟම ඒ හා බැඳි සංස්කෘතීන් ද බිහි වන්නට විය. අපගේ කෘෂි හා වාරි සංස්කෘතිය මෙයට කදිම උදාහරණයකි. අතීත රජවරු ඉදිකල මහ වැව්අමුණු එදා පැවති දියුණු වාරි සංස්කෘතියේ අභිමානය ලොවට කියන්නා වු නිහඬ සාක්ෂි වෙයි. අහසින් වැටෙන වැසි බිඳත් පොළොවෙන් උනන දිය බිඳත් නිකරුනේ මුහුදට ගලා යා නොදී එක්රැස්කර මෙම සරුබිම් අස් වැද්දීමට ඉවහල් කර ගැනීමේ සියුම් ශිල්පිය ක්‍රම එදා හෙළයා සතු විය.
විවිධ රටවල ආණ්ඩු විසින් තත්වය තවත් බරපතල වෙන අන්දමකින් ආක්ටික් වෘත්තය දිගේ උත්තරධ්රැවයේ අයිතිය දිනාගැනීමේ සටනක යෙදී සිටිති. උත්තරධ්‍රැව කලාපීය ස්වභාවික සම්පත් දිහා ඔවුන්ගේ ඇස් සියල්ලම එල්ල වී ඇත. ලොව දැනට පවතිනවා යැයි සොයාගෙන ඇති භාවිත නොකරන ලද තෙල් සහ පාෂාණ වායු (natural gas) වලින් 22% ක් උත්තරධ්‍රැව මුහුදු පතුලේ ඇතැයි කියැවේ.
කප් සිටුවීමත් සමගම ඇසල පෙරහැරේ පැවැත්වීමට අවශ්‍ය චාරිත්‍ර ආරම්භ විය.ඇසල පෙරහැරේ ගමන්මග පංචතුර්ය නාදය සමගින් පවත්වන ප්‍රධානම වාදනඅංගය හේවිසි යයි.
සෑම අවුරුද්දකම වෙසක් දිනවලදී මෙන්ම පොසොන් දිනවලදී ද සුලබව දක්නට ලැබෙන වෙසක් කූඩු ගැනයි මෙ කතිකාව.
බුදුන් විසින් ශ්‍රී මහා බෝධි මුලයේදී අත්පත් කරගත් බුද්ධත්වය නැමති සත්යාවබෝදය යනු තමා විසින් තමන් පිළිබදව ලබාගත් පරිපූර්ණ අවබෝධයකි.
ලම්භකර්ණ පෙළපතෙහි පළමු රජු ලෙස හැදින්වෙන වසභ රජු ශ්‍රී ලංකා වාරි කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂ නමක් සනිටුහන්කළ ශ්‍රේෂ්ඨ පාලකයෙකි.
බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙසින් සිට නිදහස ලැබුවත් ලංකාවේ ජනතාව දාස බවය යන පාරේ තවත් දිගටම ගමන්කිරීම නවතා නැත.
ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය නේක වර්ණ සමුච්ජිත නමුත් අර්ථගැනීමට අපහසු චිත්‍රයක් බදුය.අපට ඉතිහාසය කියවීමට අතපොත තබා ඇත්තේ ඉතිහාසක්ඥයන් යැයි අප සලකන යටත්විජිත කාරයන් විසිනි.
ක්‍රි.පූ 300 ආසන්නයේ පණ්ඩුකාභය රජ සමයේ වූ මුල්ම වාරිමාර්ගයේ සිට ඊලග වසර 10 මුළුල්ලේම අකණ්ඩව වැඩිදියුණු වූ පැරණි ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය පැරණි ලෝකයේ වූ වාරිමාර්ග පද්ධති අතරින් අතීශයින්ම සංකීර්ණ ඒවායින් සමන්විත විය.
උගතුන් යනු කවුද? පැරණි සමාජවල යම් කර්මාන්තයකට අදාල ගැටළුවක්,සමාජ අරගලයක් ,වෛද්‍ය පිහිටක්,අධ්‍යාත්මික සහනයක් ලබාගන්නට හැකියාවක් ලැබේය කියා ඒවාට මුහුණදුන් අයවිසින් සොයාගත් සුවිසේසී පිරිසක් වුහ.
ආණ්ඩුවෙන් කරන එදිරිවාදිකම් ගැන සේ ම ව්‍යවසායකයා ආණ්ඩුව කරන දිරි ගැන්වීම් වලදීද බිය විය යුතුයි. පුද්ගලික ණය සහතික කිරීම හෝ ආණ්ඩුවෙන් කෙලින්මයම් ක්ෂේත්රයක් නංවාලන්නට දෙන ණය සහනාධාර කරන දිරි ගැන්වීම් වලට අයිති වෙයි.
ආසියායේ ආශ්චර්යය, ධර්මිෂ්ඨ සමාජය, යහපාලනය, යනාදී වචන වල අර්ථය මොනවා දැයි ඇසුවොත් අයෙක් ඒවායේ අර්ථයන් මොනවාදැයි තමන් දන්නවා යැයි හෝ අනුමානයෙන් කියත හැකි යැයි විශ්වාස කරයි.
ආර්ථිකයක් වැඩ කරන්නේ එකී පුද්ගලයන් විසින් කරන සහේතුක ක්‍රියාවන් වලිනි ඒකීය පුද්ගලයෙක් තවත් ඒකීය සමග කරන ක්‍රියාවන් ,තෝරාගැනීම් ,සහයෝගය තරගය සහ වෙළදාම යනාදියෙන් එකතු වී හැදෙන්නේ සම්පුර්ණ ආර්ථිකයකි.
දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක තුන්වන දරුවා ලෙස 1651 අප්‍රේල් 21 දින ඉන්දියවේ බෙනවෙලුම් නැමැති ගමේ ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන බ්‍රාහ්මණ පවුලට දාව ජෝශප් නම් දරුවා උපත ලැබීය.[1] උපතින් දින 8කට පසුව බෙනවෙලුම්හි ස්නාවක ජුවාම් තුමන්ගේ දෙව්මැදුරේදි ජසින්කෝ පෙරෙයිරා පියතුමන් අතින් බව්තීස්ම කරන ලදි.
සූදු කෙළියේ ඉතිහාසය ක්‍රි. පූ. 2300 චීනයේ වාර්තා වලින් දැකගත හැකි තරම් ඉතා පැරණිය. ක්‍රි. පූ. 11 වැනි සියවස දී ඉන්දියාවේ ඍග්වේද ශ්ලෝකයන්හි "සූදු කෙළින්නාගේ අඳෝනාව" නමින් ආගමික ස්වරූපයකින් නොවූවක් අඩංගු වෙයි. මහාභාරතයේ ද සූදු කෙළීම ගැන සඳහන් වෙයි. ක්‍රි. පූ. 4 වැනි සියවසේ අර්ථශාස්ත්‍ර යන චානක්‍ය ලියූ ග්‍රන්ථයේ ඒ සඳහා බදු පැනවීම අනුමත කර සූදු කෙළිය නියාමනය කළ යුතු බව කියැවේ.
ප්‍රාග්ධනයක් යොදවන ව්‍යවසායකයා යනු මුදල් ලාබය යන අරමුණ උදෙසා කටයුතු කරන්නෙකි. ඔහු එක්කෝ ඉතිරි කරගත් මුදල්, නැත්නම් ණයට ගත් මුදල් භාවිතා කරයි. ශ්‍රමය කුලියට ගනියි. අමුද්‍රව්‍ය, ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉඩම් එක්කෝ මිලට ගනියි, නැත්නම් කුලියට ගනියි.
විචාරය (reason) සහ මෝහය (ignorance) එකිනෙකට පරස්පරය. බහුතර මිනිස් ප්‍රජාව බලපෑමට ලක් කරන්නේ මේ දෙකින් එකකි. මෙයින් එකක් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ ද, එය මේ දෙකෙන් කොයි එක වුවත් කම් නැත, ඒ රටේ ආණ්ඩුව ලෙඩ නැතිව දුවන මැෂිමක් සේ කාර්යක්ෂමව ක්‍රියා කරයි.
දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.
ධනවතා යනු ධනය අනෙක් අයට වඩා යහමින් ඇත්තෙකි. එහෙත් ධනය පමණක් තිබීමෙන් ධනවතෙකුට පාලකයෙකුට ඇති හා සමාන බලයක් නැත. මන්ද පාලකයාට නීති ගෙනැවිත් ධනවතාගේ ධනය ප්‍රජා සතු කර හැකි බලය නිසාය. නැතහොත් නීති පනවා තව තවත් ධනය උපයා ගන්නා මාර්ග අහුරන්නට හැකියාව ඇති නිසාය. ධනවත් වූ පමණින් අයෙකුට පාලකයාට හා සමාන බලයක් තිබේද?